31.1 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ  (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ  කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක් දැඩි බාධා පැමිණ තිබුණි.
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය තැපැල් කාර්යයාලය සිට  නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනදක්වා මිටර් 300 පමණ කොටසක්  පස්වරු 5.30 සිට 6.30  දක්වා පැයකට ආසන්න කාලයක්  මෙසේ ජලයෙන්  යට වි තිබුණි.
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයටද දැඩි බාධා පැමිණුනා.
නාවලපිටිය නගරයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වි තිබිම නිසා අධික වර්ෂාව පතිත වන දිනයන්හි නාවලපිටිය නගරයේ කොටසක් මෙසේ ජලයෙන් යටවන බව නාවලපිටිය නගරයේ වෙළදුන් පවසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj
Translate »