2026-09-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මෙරට පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට මෙතෙක් අවස්ථාවන් ලැබී තිබුනේ නැහැ.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක් සදහා උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ  ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන් වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට මින් පසු අවස්ථාව ලැබේ.

මේ අනුව එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.

මෙලෙස පාරිභෝගිකයා වෙත සෘජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමේ පහසුකම හිමිවන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, මෙරට ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට පමණක් බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

Shiran Viraj

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

Shiran Viraj
Translate »