30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsSportsSports News

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර  පැවැති පළමු එක්දින දිවා රාත්‍රී තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නොමැති නිසා ප්‍රේෂකයෝ තැන තැන ඇවිද විනෝද වන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණි.
කෙසේ වෙතත් වැසි සහිත තත්ත්වය නිසා තරගය නැවැත්වීමත් සමඟ බොහෝ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගනය ඇතුළත තැන තැන මත්පැන් පානය කරන්නට වූ දසුන් රැසක් දැක ගැනීමට ද හැකියාව ලැබුණි.
ඒ අතර රාත්‍රී කාලය වනවිට ඉන් කිහිප දෙනෙකු නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව පොලීසිය පවසයි.
එසේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙකු  දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් අතර ඇතැම් ක්‍රීඩාලෝලීන් තම උඩුකය නිරුවතින් සිටියදී පොලීසිය ඔවුන්ව අල්ලා ගෙන පොලිස් ජීප් රථයට නංවා ගෙන පොලීසියට රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී බීමතින් සිටි තරුණයන් පොලීසියට කෑකෝ ගසමින් සිටි ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය.
ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවය.
තමන්ගේ උඩු ඇඳුම ඉල්ලා එම ක්‍රීඩාලෝලීන් කෑකෝ ගසන ආකාරය ද දැක ගැනීමට හැකියාව ලැබිණි.
පසුව පොලිස් නිලධාරියෙකු බව හැඟෙන සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙකු ජීප් රථයේ සිටි ක්‍රීඩාලෝලීන්ට ඔහුගේ ඇඳුම ගෙන දෙන ආකාරය දර්ශනය වී තිබේ.
පේරාදෙණිය පොලීසියට අයත් ජීප් රථයකින් මෙම පුද්ගලයන් දඹුල්ල පොලිසියට රැගෙන යන ආකාරය දක්නට ලැබී තිබේ.දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සැකපිට අශෝබන ලෙස බීමතින් හැසිරුණු පුද්ගලයන් 11 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව යි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයි

Shiran Viraj

AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj
Translate »