30 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි

බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා.
ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින්වහන්සේ, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ ධර්ම කීර්ති ශ‍්‍රී සුමංගල විපුලතිස්සභිධාන සංඝනායක ස්වාමින්වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ ඇතුළු නිලධාරින් පරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

Shiran Viraj

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Shiran Viraj

ගණේමුල්ල ගුවන් පාලම වසර අගදී ජනතා අයිතියට

Shiran Viraj
Translate »