26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!

තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබුන බව ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්‍ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.
ඒ සදහා පැවති රහස් ඡන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡන්ද 43ක් පමණි.
මහින්දගේ ඉල්ලීම!
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ එම අදහසට විරුද්ධව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට පක්‍ෂව ඡන්දය දිය නොහැකි බවයි.
එහිදීද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ එජක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා පරාජය කරවුවහොත් එය දේශපාලන වශයෙන් ජයග්‍රහණයක් බවත් එනිසා ඔහු පැරදවීම සදහා සුදර්ශනීට පක්‍ෂව ඡන්දය දෙන ලෙසත්ය.
ජයග්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් !
කෙසේ වෙතත් ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ 15 දෙනෙකු පමණ පිරිසක් එය මගහැර සභා ගර්භයෙන් පිටවී ගොස් ඇත.
උත්සාහයක් දැරුවේ නම් ජයග්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගන්නා ලද තීරණයක් ක්‍රීයාත්මක නොකරන ලද පළමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.
මීට විරෝධය පල කිරිමක් ලෙස අද පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව එදිරිමාන්න මහතා පවසයි

Shiran Viraj

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Shiran Viraj

කුඩා වාණිජ යාත්‍රා නියාමනයට පියවර

Shiran Viraj
Translate »