26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
NewsSportsSports News

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන අදියර පැවැත්වෙමින් තිබියදීයි.

සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේදී මාර්ගයේ ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් දැක තෙන්ඩුල්කාර් එම ස්ථානයට පැමිණ ඔවුන් සමග එක්වී තිබෙනවා.

ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින එම ස්ථානයෙන් රථ වාහනවල ගමන් කරන පිරිස් ද තෙන්ඩුල්කාර් දැක ගැනීමට පැමිණ ඇතැයි සඳහන්.

සචින් තේන්ඩුල්කාර් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසට කටයුතු කරනවා.

ඔහු එම තරගාවලියේ තරග 78 කට ක්‍රීඩා කර ලකුණු 2334 ක් ලබාගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ද සමගින්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Shiran Viraj
Translate »