2026-11-01
mediahumanrights.lk
International NewsNews

රුසියානු අහසේ දිස් වූ අමුතු දේ – වීඩියෝ

මේ දිනවල පවතින පාපන්දු ලෝක කුසලාන උණුසුම අතරතුරේදී ඊයේ දින (17) කසාන් නගරවාසීන්ට රාත්‍රී අහසේ දී පුදුම යමක් දක්නට ලැබුණි. මෙය පිටසක්වල ජීවීන් යැයි මුලින් කසුකුසුවක් පැතිර ගියද, පසුව අනාවරණය වූයේ එය රුසියාව විසින් අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාවක් බවයි.

මෙම චන්ද්‍රිකාව, Plesketsk පරීක්ෂණාගාරයේ සිට Soyuz 2.1-b වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන් මොස්කව් වේලාවෙන් අළුයම 12.46ට අභ්‍යවකාශගත කර තිබුණි.

මේ සමග, පිටසක්වල ජීවීන් ලෝක කුසලානය නැරඹීමට පැමිණ ඇති බවට විහිළු තහළු ද සමාජ මාධ්‍ය ජාල වල පැතිරගොස් තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටුකරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියට

Shiran Viraj

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Shiran Viraj

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

Shiran Viraj
Translate »