26.6 C
Colombo
2026-10-28
mediahumanrights.lk
International NewsNews

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ වන විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයද වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ප්‍රබල අප්‍රිකානු කාන්තාවක්. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූණා.
විනී මඩිකිසෙලා මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට  එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟයි.
එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙසයි හැඳින්වෙන්නේ.
කෙසේ නමුත් පසුකාලීනව යම් යම් දේශපාලනික කරුණු හේතුවෙන් ඇගේ කීර්තිනාමයට හානි සිදුවූ අතර ඉන් ඇගේ ජනප්‍රියත්වය පහළට ඇදී වැටුණා.
ඇය උපත ලැබුවේ 1936 වසරේදීයි. ඒ එවකට ට්‍රාන්ස්කි ලෙස හැඳින්වුණු, නැගෙනහිර කේප් හිදීයි.
නිදහසින් වසර දෙකකට පසුව ඇති වූ මතභේද හේතුන් නිසා නෙල්සන් මැන්ඩෙලා සහ  විනී   මැන්ඩෙලා වෙන්වු අතර 1996 වසරේ දී දික්කසාද වී ඇති බව සඳහන්.
එහෙත් ඇය මැන්ඩෙලා වාසගම අඛණ්ඩව භාවිත කළ අතර නෙල්සන් මැන්ඩෙලා සමඟ සබඳතා ද පැවැත්වූවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු

Shiran Viraj

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Shiran Viraj

නරක් වූ එළවලු දඹුල්ලෙන් පිටවෙන හැටි

Shiran Viraj
Translate »