28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
International NewsNews

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පිහිටා තිබූ සිව් මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ජිවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බර වාහනයක් ගැටීමත් සමග ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි. අදාළ ගොඩනැගිල්ල වසර ගණනක් පැරණි එකක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Shiran Viraj

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Shiran Viraj

මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවට

Shiran Viraj
Translate »