2026-09-07
mediahumanrights.lk
Local NewsNews

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

සොරකම් කරන ලද වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් සතුව තිබී ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි 03ක්ද සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව යතුරුපැදි අමතර කොටස් තොගයක්ද සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24,30 සහ 53 යන වයස් සීමාවල පසුවන තිදෙනෙක්.
ඔවුන් පංචිකාවත්ත සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් තිදෙනා අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේ

Shiran Viraj

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

Shiran Viraj
Translate »