28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට  පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට වෙන්කර ඇති ප‍්‍රතිපාදන ලබා ගැනීමේදී ඒ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අනුමැතියක් ලබා ගත යුතු වීමයි. ඒ සඳහා ඉල්ලිම කළ යුතු වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකාය් අණදෙන නිලධාරීවරයා විසින්.

නව සංශෝධනයට අනුව අවශ්‍ය ප‍්‍රතිපාදන පොලිස් දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමටයි යෝජනා වී ඇත්තේ. කෙසේවෙතත් මෙම ක‍්‍රමවේදය හේතුවෙන් ඉදිරියේදී ගැටලූ රැසක් ඇතිවිය හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව හරහා ප‍්‍රතිපාදන ලබා ගැනීමේදී සිදුවිය හැකි ප‍්‍රමාදයන් ඊට හේතුවයි.

සෑම අයවැයකින්ම පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන වෙන් කෙරෙනවා. මෙවර අයවැයෙන් රුපියල් මිලියන 54ක් වෙන් කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

Shiran Viraj

බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- Photos

Shiran Viraj
Translate »