mediahumanrights.lk
Local NewsNews

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 14ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හැවිරිදි සහ 37 හැවිරිදි දමන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (24) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

Shiran Viraj

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

Shiran Viraj

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

Shiran Viraj
Translate »