mediahumanrights.lk
Local NewsNews

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 14ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හැවිරිදි සහ 37 හැවිරිදි දමන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (24) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

Shiran Viraj

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

Shiran Viraj
Translate »