30 C
Colombo
2026-09-16
mediahumanrights.lk
NewsSportsSports News

මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ටොම් කරන් ගිවිසුම් අත්සන් තබා තිබේ.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්ව සිටින ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් වෙනුවටයි.
මිචෙල් ස්ටාක්ගේ දකුණු පාදයේ ඇති වී තිබෙන ආබාධය තත්ත්වය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
ඒ වෙනුවට එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් එම කණ්ඩායමට කැඳවා ඇති අතර ඔහු සහභාගී වන පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙයයි.
23 හැවිරිදි ටොම් කරන් 2017 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගත්තේය.
ඒ අනුව එක්දින තරඟ 8කදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12ක්ය.
එමෙන්ම ටොම් කරන් විස්සයි විස්ස තරඟ 06කට සහභාගී වී කඩුලු 7ක් ලබා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

Shiran Viraj

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Shiran Viraj
Translate »