mediahumanrights.lk
Local NewsNews

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස මහා භාණ්ඩාගාරයට සිය ආයතනය දැනටමත් යෝජනාවක් ඉදිරිපත්කර ඇති බවයි.
එලෙස බදු ඉවත්කළ හොත් ඉන්ධන මිළ ඉහළ නොදමා ජනතාව මත පැටවෙන බර අවමකිරීමේ හැකියාවක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා. මීට සති කිහිපයකට පෙර ඉන්දියන් ඔයිල් සමාගම පෙට්ට්‍රල් සහ ඩීසල් මිළ ගණන් ඉහළ දැමුවා. ඒ සමගම ලංකා ඛන්ජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වලින් ඉන්ධන ලබාගැනීම සීස්‍ර ලෙස ඉහළ ගියා.
ඒ අනුව මෙරටට ඉන්ධන ඉල්ලූමෙන් සියයට 80ක් සපුරන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින්. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමග ලංකා ඛන්ජතෙල් නීතිගත සංස්ථාව දිනකදී ලබන පාඩුව රුපියල් මිලියන 38කින් පමණ ඉහළගොස් ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.
ලෝක වෙළදපොලේ ඉන්ධන ඉල්ලූම අනුව ක්‍රියාත්මකවන මිළ සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා වී අත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් එම මිළ සූත්‍රය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

Shiran Viraj
Translate »