26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.

පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින සිදුවිය.
පුත්තලම නගරය සහ ඒ අවට ඇති වන රථ වහන තදබදය සහ සිදුවන රථ වාහන අනතුරු මෙන්ම නගරය තුළ සිදුවෙන අපරාධ මැඩපැවැත්වීමත් මෙහි මූලික පර්මාර්ථය වී තිබේ. පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා පුත්තලම නව නගරාධිපති කේ.ඒ.බායිස් මැතිතුමා, පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි මැතිතුමා ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් 2018.03.29 දින මෙම අධීක්ෂණ කැමරා පද්ධතිය විවෘත කිරීම සිදු කරන ලදී.
මෙම ආවේක්ෂණ කැමරා පද්ධතිය පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි මැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සවි කරන ලද අතර පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ආවේක්ෂණය
කරනු ලබයි.

Related posts

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

ඉන්දියන් ගුවන් සීමා වසාදමයි – ශ්‍රීලංකන් ගුවන් කාලසටහන් වෙනස් වෙයි

Shiran Viraj

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Shiran Viraj
Translate »