26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටුකරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියට

සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ අත්වැල් බැඳගත් මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතා අයිතියට පත් කිරිමේ කටයුතු අද  (01) දින සිදුකිරීමට නියමිතය.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ පවතින පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමටත් පසු විපරම් ප්‍රතිකාර සඳහාත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබිණි.
ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට් මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා 2016 වසරේදී මනුසත් දෙරණෙන් ඉල්ලීමක් කළේය.
රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය මනුසත් දෙරණ වෙත භාරදෙන විට ඒ වෙනුවෙන් ඇරඹි ලංකා බැංකු ගිණුමේ මිලියන හයක පමණ මුලක් තැන්පත්ව තිබිණි.
කෙසේවෙතත් ඉන් අනතුරුව දෙරණ මාධ්‍ය ජාලය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කරනු ලැබුවේ සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිවයි.
ඒ වෙනුවෙන් අසීමිත ගුවන් කාලයක් දෙරණ මාධ්‍ය ජාලය වෙන්කරනු ලැබූ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් ඒ අනුව ලංකා බැංකු ගිණුමට මුදල් බැර කිරීම ආරම්භ කළේය.
මනුසත් දෙරණ පිළිබඳව තැබූ විශ්වාසය හේතුවෙන් එක් පුද්ගලයෙකු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් පෙට් ස්කෑන් යන්ත්‍රය ලබාගැනීම සදහා මුදල් පරිත්‍යාග කරනු ලැබීය.
මාස හතරක් වැනි කෙටි කාලයකින් අදාළ ඉලක්කය පසුකර යමින් රුපියල් කෝටි 24ක මුදලක් එක්රැස් කරගැනීමට මනුසත් දෙරණට හැකියාව ලැබිණි.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන් වීමට කටයුතු කළ අතර එය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ සවිකර අවසන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Shiran Viraj

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj
Translate »