31.7 C
Colombo
2026-10-04
mediahumanrights.lk
Local NewsNews

කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි

ඉකුත් සමයේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකා දෙකක් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වූයේ මැයි පළමුවනදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය මැයි 07 වනදා සැමරීමට ගත් තීරණයයි.
වෙසක් පුන් පොහොය දිනය අප්‍රේල් 29 හා 30 යෙදී ඇති බැවින් ලෝක කම්කරු දින සැමරුම් කල් දැමීමටයි රජය තීරණය කළේ. එහෙත් වෘත්තීය සමිති ඊට විරෝධයක් පළ කළා.
කෙසේ වෙතත් එම තීරණය කාලෝචිත බවයි අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදිගම ධම්මානන්ද හිමියන් පැවසුවේ. එමෙන්ම එය රජය විසින් සත්භාවයෙන් ගනු ලැබු තීරණයක් බවත් බෞද්ධ උපදේශක සභාවේ අනුශාසනා පරිදි මෙම තීරණය ගත් බවත් උන්වහන්සේ කියා සිටියා.
වෙසක් හා පොසොන් පොහොය දිනයේ තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී හිමියන් අදහස් පළ කළා. එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවද උන්වහන්සේ කියා සිටියා.
වෙසක් හා පොසොන් පොහොය යෙදී ඇති දිනයන්හි පමණක් තොරණ සහ දන්සැල් පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වඩා යෝග්‍ය බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඉකුත්දා ඉල්ලීමක් කළා. ඒ, බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාව මතයි. ඉන් අදහස් කෙරෙන්නේ තොරණ සහ දන්සැල් තහනම් කිරීමක් නොවන බවද අවධාරණය කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

Shiran Viraj

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා

Shiran Viraj
Translate »