mediahumanrights.lk
NewsPolitical

කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ආණ්‌ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට ඉරි තුනේ නියෝගය සහිත ලිපි ලියාපදිංචි තැපෑලෙන් යෑවීමට කටයුතු කර ඇත.
මුදල්, විසර්ජන පනත් හෝ විශ්වාසභංග යෝජනාවකදී ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතීන්ට ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය නිශ්චිතව දැනුම් දෙන්නේ මෙම ඉරි තුනේ නියෝගය මගිනි.
පාර්ලිමේන්තුවේදී ඉතා වැදගත් ඡන්ද විමසීමක්‌ පැවැත්වෙන අවස්‌ථාවකදී බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක විසින් මෙම ඉරි තුනේ නියෝගය නිකුත් කරනු ලැබේ.
එම ඉරි තුනේ නියෝගය කඩ කරන මැති ඇමැතිවරුන්ට නීතිමය පියවර ගැනීම සඳහා ප්‍රධාන සාක්‌ෂියක්‌ ලෙස මෙය යොදාගත හැකි බව ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ මේ පිළිබදව අදහස් දක්වමින් මාධ්‍යයට පවසා තිබුනා.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

ඇමති දයාසිරිට කොරෝනා..

Shiran Viraj

රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..

Shiran Viraj
Translate »