mediahumanrights.lk
Business Business News News

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ.
උද්ධමනයෙහි මේ වන විට දක්නට ඇති හිතකර සංවර්ධනයන් හේතු කර ගෙන මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත පරිදි වේ.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 7.50%
ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ණය වර්ධනය ඉහළ දැමීමක් අපේක්ෂා කෙරේ. මෙය මහ බැංකුව විසින් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී ගනු ලබන තීරණයකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හාල් කිලෝවක් රු 10 කින් බහී

Shiran Viraj

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

Shiran Viraj

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj