31.1 C
Colombo
2026-02-26
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇති ණය ලබා දීමට පමණක් ස්ථාපිත කර තිබෙන සමාගම් සහ අන්තර්ජාලය හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක්දැයි, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
“ගමේ පොළී මුදලාලි, ඒකට නීතියක් නැහැ. ඒක පාලනය කරන්න, නීති විරෝධී වැඩකුත් නෙමෙයි. සියයට 30 ට 40 ට පොළියට ගන්නවාද කියන එක ගන්න කෙනාගේ තේරීමක්. ඒක නියාමනය කරන්න නීතියක් නැහැ. නමුත් ඔහු වෙන කෙනෙකුගේ මුදල් අරං ණයට දෙනවා නම් එතන ප්‍රශ්න තියෙනවා. ජනතාවගේ මුදල් අරගෙන වැරදි විදියට පාවිච්චි කරනවා නම් ඒක කුමන හෝ නියාමනයකට එන්න ඕනේ.“
“ඇමරිකාවේ වුණත් මේ වගේ ණය දෙන ගොඩාක් වෙබ් සයිට්ස් තියෙනවා. ඒක නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි. එතන දී ණය දෙන කෙනා ලොකු අවදානමක් අරගෙන තමයි ණය දෙන්නේ. තමන්ගේ මුදලින් ණය දෙන එක විතරක් කිරීම, නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි.“
මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින් නැරඹිය හැකිය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

Shiran Viraj

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Shiran Viraj

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »