mediahumanrights.lk
Local NewsNews

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් දින 50කට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එයට අදට දින 48ක් ගත වෙයි.
කෙසේ වෙතත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම සේවකයින්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් සමත් වූ අතර ඒ අනුව අද දිනයේ සිට යළි විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් අනතුරුව අද දිනයේ සිට විශ්වවිද්‍යාල කටයුතු ගැටලුවකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Shiran Viraj

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

Shiran Viraj

රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

Shiran Viraj
Translate »