mediahumanrights.lk
International NewsNews

ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයි

බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළේ ඇරමරිකාව රුසියාවට නව ආර්ථීක සම්බාධක පනවන බවට ප්‍රකාශ කර තිබියදීයි.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කරන ප්‍රහාර වලින් සිරියාවට සාමය සහ දේශපාලන විසඳුමක් ගෙන ඒමට තිබූ අවස්ථාව අහිමිවී යා හැකි බවද ජනාධිපති පුටීන් පෙන්වාදී තිබෙනවා. ඔහු මෙම අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇත්තේ ඉරාන ජනාධිපති හසන් රවුහානි සමග සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුවයි.
සිරියාවේ රජයේ හමුදා ඩූමා ප්‍රදේශයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියාවේ ඩැමැක්ස් නුවරට ප්‍රහාරයක් එල්ල කළා. සිරියානු හමුදා එල්ල කළ රසායනික අවි ප්‍රහාරයට රුසියාව සහය දක්වා ඇති බවටයි බටහිර රටවල් චෝදනා එල්ල කරන්නේ. කෙසේවෙතත් එම චෝදනා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රෝ විසින් ප්‍රතික්ෂේප කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේ

Shiran Viraj

බිත්තර වලින් මෙහෙම වැඩ දාන්න පුළුවන්කියලා කවුද හිතුවේ – පුළුවන්නම් කරලම බලන්න

Shiran Viraj

අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයි

Shiran Viraj
Translate »