2026-08-19
mediahumanrights.lk
Local NewsNews

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි

මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. 

ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි. 

එසේ බිල්පත් නිකුත් නොකෙරෙන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කිරීමේ අවස්ථාව මගීන්ට පවතිනවා. 

ත්‍රීරෝද රථවලට මෙම මීටරය සවිකිරීම සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබූ අතර, එය අදින් අවසන් වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම නීතිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ සංගම් සහ රියදුරන් විරෝධය පළ කරනවා. සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති එම්.ජේ.දිසානායක සහ වෘත්තීය ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ කුමන නීති පැනවූවද එය ක්‍රියාවට නැංවීමට නොහැකි බවයි.< 
(under the courtesy of hirunews.lk news web)

Related posts

විදුලිබලේ සටනෙන් විදුලි ජනනයත් නවතන්න යයි

Shiran Viraj

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Shiran Viraj

දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..

Shiran Viraj
Translate »