26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 5,018,198කි. ප්‍රතිශතයක් ලෙස 45.31%කි.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.
දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප්‍රතිශතයක්ද සමගිනි.
පළාත් පාලන ආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,416,308ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.
ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡන්ද 665,208ක් වාර්තා කර ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

"කැල්වරි සුපර් ක්‍රොස්" ධාවනයට සියල්ල සූදානම්

Shiran Viraj

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

Shiran Viraj

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj
Translate »