mediahumanrights.lk
NewsPolitical

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන අඟහරුවාදා (27) පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.  ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
කැබිනට් සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ අත්සනින් නව අමාත්‍ය මණ්ඩලයේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරෙනවා. එක් එක් අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සහ ඒවාට අදාළ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර නව කැබිනට් මණ්ඩලය පත්වීමෙන් පසු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට සහභාගී වන ලෙස දන්වමින් අමාත්‍යවරුන් වෙත ආරාධනා පත‍්‍රයක් යොමු කරනු ලබනවා. ඉකුත් කැබිනට් රැස්වීමේ වාර්තාව සහ පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේ න්‍යාය පත‍්‍රය ද ඇතුළත් එම ආරාධනා පත‍්‍රය අද (26) අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරිමටයි නියමිතව ඇත්තේ.
අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ සුමිත් අබේසිංහයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Shiran Viraj

ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්න

Shiran Viraj
Translate »