26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

"අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ" – චමල්

වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය .
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි. “
“අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා. අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්. ඒ නිසා වෙනත් පක්ෂ සමඟ අපි එකතු වෙන්නේ නෑ . ඉදිරියේදි අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගන්න කටයුතු කරනවා.‘‘

(under the courtesy of asianmirror.lk news web)

Related posts

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »