27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"

වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.
ඊයේ (16) මට්ටක්කුලිය සී-නෝර් යාත්‍රාංගණයේ දී පැවැති අඩි 59 ට වඩා දිග නවීන තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා දෙකක් දියඹට එක් කිරීමේ උත්සවයේ දී ඇමැතිවරයා මේ බැව් අනාවරණය ක‍ළේය.
” ජනාධිපතිවරයා හොරුන්ට නිසි දඬුවම් දෙනවා. එතුමාගෙන් හොරුන්ට නම් සමාවක් නෑ. හිටපු ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ, ඇමැති මැති, මේ කුමන තරාතිරමේ වුණත් එතුමාට ඒවා අදාළ නෑ. මින් ඉදිරියට ජනාධිපතිවරයා හොරුන්ට දඬුවම් දෙන හැටි දැක්කම හොරුන්ට හොරකම් කරන්න වරක් නොවේ හත්වරක්වත් සිතා බලන්න වෙයි.
ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන නිසා මේ දින දෙක තුළ එතුමා නිවැරැදි තීරණයකට එළඹේවි.
ජනතා මතය ගැන අවධානය යොමු කර ලබන සතිය වන විට එතුමා නව මාවතකට ප්‍රවේශයක් ලබා දෙන බව මට විශ්වාසයි” යැයි ද මහ ලේකම්වරයා අවධාරණය කළේය.
‘පළමුව සිතන්නේ රට ගැන’ :
”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි.
‘ජනාධිපතිවරයාට විශාල ජනවරමක් ලැබුණේ රට ගැන, රටේ ජනතාව ගැන වගකීමකින් යුතුව කටයුතු කරන්නයි. වංචාව දූෂණය තුරන් කරන්නයි. ජනතාවාදී දේශපාලනයක් රට තුළ ස්ථාපිත කරන්න එතුමාට එදා දුන්න ජනවරම තව තවත් ශක්තිමත් කරමින් ජනාධිපතිවරයා යන මේ ගමනට අපේ කණ්ඩායම දැවැන්ත ශක්තියක් ලබාදෙනවා.” යයි ද ඇමතිවරයා පැවසිය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

Shiran Viraj

උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාව

Shiran Viraj

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj
Translate »