32.2 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්

හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී පශු වෛද්‍යවරයෙකු ද සහභාගී වී සිටින බව ය.
ඊයේ පෙරවරුවේ හැටන් පන්මූර් වත්ත ප්‍රදේශයට දිවියෙකු පැමිණ සුනඛයෙකු ඩැහැගෙන යාමේදී ගෙහිමියා එය වැළැක්වීමට උත්සහ කර තිබිණි.
ගෙහිමියා එය වැළැක්වීමට උත්සහ කළ අවස්ථාවේදී කලබල වූ දිවියාගේ පහර දීමෙන් වතු කම්කරුවන් 7 දෙනෙක් තුවාල ලැබූහ.
ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ සැරිසරන දිවියා කුඩා වන රොදකට කොටු කර ගැනීමට ප්‍රදේශවාසීහු සමත් වූහ.
දිවියා අල්ලා ගැනීමේ මෙහෙයුම ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළේ, නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් සහ හැටන් පොලීසිය එක්ව ය.
අප වාර්තාකරු පැවසුවේ, මේ වන තෙක් දිවියා අල්ලා ගැනීමට නොහැකි වූ බව ය.
පන්මූර් වතුයායේ කම්කරුවන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ තම ජීවිත ද අවදානමකට ලක්ව ඇති බව ය.
පවතින තත්ත්වය පිළිබඳව වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී වනජීවී නිලධාරීන් ගම්වාසීන්ට පොරොන්දු වී ඇත්තේ, දින 05ක් ඇතුළත දිවියා පළවා හරින බව ය.
එහිදී වතු කම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මේ අතර දිවියාගේ පහර කෑමට ලක්ව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරූ 7 දෙනාගෙන් 4 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරු කර තිබේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක්

Shiran Viraj

බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියි

Shiran Viraj
Translate »