26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, ඒ අනුව අද සිට ජනවාරි 26 වන දා දක්වා විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයැදුම් පත් ඉදිරිපත් කළ යුතු බව ය.
දී ඇති උපදෙස් කියවා නිසි පරිදි ඉන්ටර්නෙට් ඔස්සේ තම අයැදුම් පත යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව 30500කි.
2017 උසස් පෙළ විභාගයෙන් සිසුන් 163,104 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූහ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

Shiran Viraj

කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

Shiran Viraj

පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…

Shiran Viraj
Translate »