31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්

රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ තිබෙනවා. රජයේ සියලුම මූල්‍ය නොවන වත්කම් ආවරණය වන පරිදි සකස් කරන ලද මධ්‍යගත වත්කම් ලේඛනයක් පවත්වා ගැනීම එම කාර්යාලයේ මූලික කාර්යභාරය වනවා. එම කාර්යාලය වෙත 2017 දෙසැම්බර් 14 වන දිනට ලැබී ඇති තොරතුරු අනුව රජයට අයත් වාහන පිළිබඳ සංඛ්‍යාලේඛන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනුලැබුවා.
රජයට අයත් සමස්ත වාහන සංඛ්‍යාව 57,961 කි. එයින් ධාවනය කළ හැති තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 50,238කි. මධ්‍යම රජය සතුව ධාවනය කළ හැකි වාහන 26,732ක්ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 23,506ක්ද පවතින බව මෙහිදී හෙළි කෙරුණා.
ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 7,723කි. මධ්‍යම රජය සතුව එවැනි වාහන 5,922 රාජ්‍ය ව්‍යාපාර සතුව එවැනි වාහන 1,801ක් ද පවතී.
මෙයින් දැනට භාවිතයට නොගන්නා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Shiran Viraj

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දිනයක්

Shiran Viraj

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj
Translate »