2026-09-16
mediahumanrights.lk
Local NewsNews

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

රුපියල් ලක්ෂ 38ක වියදමින් යුක්ත වූ අතුරුපසක රස විඳීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවෙලා තියෙනවා.
මේ අතුරුපස නිර්මාණය කරලා තියෙන්නේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සුපවේදී විරාජ් ජයරත්නයි.
අවුරුදු 25 ක තම සූපවේදී ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මෙලෙස අතුරුපසක් ඔහු නිර්මාණය කර ඇති අතර එය පිළිගැන්වීම සඳහා සංගක්කාරට ආරාධනා කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවයි විරාජ් සඳහන් කර ඇත්තේ.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව නිර්මාණය කල මෙම අතුරුපස පිළියෙල කිරීම සඳහා විදෙස් රටවල් වලින්ද අමුද්‍රව්‍ය ආනයනය කර ඇති බවටද වාර්තා වනවා.
මෙම අතුරුපස සමඟ නිර්මාණය කල නෙළුම් කුලුණේ ආකෘතියක් මත වටිනා මැණික් ගලක් තැන්පත් කොට මෙය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබෙනවා.
මේ අතුරුපස හඳුන්වා දී ඇත්තේ (Marry Me) නමිනුයි.
මේ අවස්ථාව සඳහා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුලු අමුත්තන් පිරිසක් මෙන්ම කුමාර් සංගක්කාර ගේ බිරිඳ යහේලිද එක්ව සිටියා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

Shiran Viraj

දෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයි

Shiran Viraj

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj
Translate »