28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.
ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (09) එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එක්වෙමිනි.
උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය, ඉදිරි සැලසුම් සහ මුල්‍ය තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ 2017 වර්ෂයට අදාළ ප‍්‍රගතිය සහ 2018 ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
අමාත්‍යාංශට අයත් ආයතනවල ප‍්‍රගතිය, විදේශ අරමුදල් යටතේ කි‍්‍රයාත්මක මහවැලි ව්‍යාපෘති, විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක පරිසර ව්‍යාපෘති සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදායම් උත්පාදන ආයතනවල ප‍්‍රගතිය පිළිබඳවද සමාලෝචනය කෙරිණි.
ජාතික පරිසර ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ මෙතක් ප‍්‍රගතිය ද සාකච්ඡාවට ලක්විය.
ඉදිරියේදී නිසිකලට වැසි නොලැබීමෙන් රට තුළ ඇතිවිය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි ආකාරයෙන් කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන ක්ෂේත‍්‍රවලට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(under the courtesy of news.lk news web)

Related posts

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

Shiran Viraj

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Shiran Viraj
Translate »