mediahumanrights.lk
NewsPolitical

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන සදුදා (08) ප්‍රකාශයට පත් කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මේ අතර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද ලබන 10 වනදා තැපැල් සේවකයන් ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ එවැනි අවස්ථාවක මැතිවරණ කොමිසම කිසිඳු අපහාසුතාවකින් තොරව සිට කටයුතු ඉදිරියට සිදුකරන බවයි.
මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ මේ මස 20 වනදා වන විට අපේක්ෂකයින් විසින් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
කිසියම් අපේක්ෂකයෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුනහොත් ඊට අදාළ නීතිමය ගන්නා පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj

ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයි

Shiran Viraj

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ' – කෙහෙළිය

Shiran Viraj
Translate »