28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකි

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවන බවත්, එය තොරතුරු අයිතිය තහවුරු කිරීමක් බවත් කැෆේ සංවිධානය පවසයි.
දුෂණ විරෝධී පෙරමුණ හිටපු උපදේශක හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.
”බැදුම්කර වාර්තාවේ අන්තර්ගතයේ කොටසක් මගින් 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය විය හැකි බැවින් එම වාර්තාව ප්‍ර‍සිද්ධ කළ නොහැකි බවට අදහසක් ඉදිරිපත් කර ඇත.
බැදුම්කර කොමිෂන් සභාවේ සාක්ෂි දීමෙන් අර්ජුන ඇලෝසියස් ගලවා ගත් අයුරින් බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම එමගින් වලක්වා ගැනීම එහි ඉලක්කය යි.
අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත යනු කුමක්ද?
1927 අගෝස්තු 1 දින සිට බල පැවැත්වෙත අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත 1983 අංක 22 පනත මගින් සංශෝධනය වී ඇත.
අශ්ලීල ප්‍ර‍කාශන(මුද්‍රිත අකුරු, රූ සටහන්, චිත්‍ර‍ ප්‍ර‍කාශන, සලකුණු, ඡායාරූප, සිනමා නිශ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය හෝ ඒ හා සම්බන්ධ ව්‍යාපාරයකට හවුල්වීම සම්බන්ධන්යෙන් වන නෛතික ප්‍ර‍තිපාදනයකි.
ඒ යටතේ ඉදිරිපත් කළ හැකි චෝදනා වර්ග දෙකක් වන අතර වරදකරු වන අයෙකුට සිර දඩුවම් හා දඩ මුදල් නියම කළ හැකිය. (වාරණ පුරාණය – වාරණය – ප්‍ර‍භවය හා විකාශනය පිටුව 186)
අතීත කථාව :
2017 නිදහස් දිනය ආසන්න දිනක අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ ක්‍රෙඩ්ට් කාඩ් විදයම් පිළිබද අභ්‍යණ්තර විගණන වාර්තාවක් ගැන අපට තොරතුරු කිහිපයක් ලැබුණි.
එම තොරතුරු ජනතා විමුක්ති පෙරමුණට (‘දුෂණ විරෝධී හඩ‘) ද ලැබී තිබු අතර ‘ලංකා ටෘෘත්‘ වෙබ් අඩිවය එය පළ කළේය. වසන්ත සමරසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා බිය නැතිව ඒවා ප්‍ර‍සිද්ධ කළේය.
නියමිත මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ගුවන්ගමන්, හෝටල් කාමර කිහිපයක් එකවර පරිහරණය, පෞද්ගලික පරිහරණය සදහා (පැම්පස් වැනි භාණ්ඩ) මිල දී ගැනීම පිළිබද ඒ අනුව කරුණු හෙළි විය.
දරුවන් අදින පැම්පස් 60 හැවිරිදි අයෙකුට අවශ්‍ය වන්නේ ඇයි? යන පැනය ඒ අනුව මතුවිය.
අර්ජුන් ඇලෝසියස් මහතා යම් රෝගී තත්වයකින් පෙළෙන්නේ නම් ඒ ගැන කථා නොකළ යුතු බව ද ඉදිරිපත් වූ අදහසකි. එයට ප්‍ර‍සව හා නාරි විශේඥ වෛද්‍යවරයෙක් සරළ පැහැදිලි කිරීමක් දුන්නේය මෙසේය.
“ස්ත්‍රී පුරුෂ ලිංගික සංසර්ගයක දී යෝනි මාර්ගය සැකසී ඇත්තේ ශුක්‍ර තරලය ගර්භාෂය දක්වා ඉහළට ගෙන යාමටය. නමුත්, ගුද සංසර්ගයක දී ශුක්‍ර තරලය ගුද මාර්ගය දිගේ ඉහළට නොයා අඛ්‍යණ්ඩව පහළට ගලා එයි. මන්ද, ගුදයේ පේශී සකස්වී ඇත්තේ මලපහ බැහැර කිරීමට මිස යෝනි මාර්ගයේ දී මෙන් ශුක්‍ර‍ ශරීර අභ්‍යන්තරයට රැගෙන යාම උදෙසා නොවේ.“
ගෙවීම් 163 ක් පිළිබදව :
මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර විගනණ වාර්තාවේ ගෙවීම් 163 ක් පිළිබද විමසුම් කර තිබුණි. මාස 6 ක් මහ බැංකුව විසින් කටයුතු කර නොතිබූ එම වාර්තාවේ 1. වැඩිපුර අමුත්තන් සදහා නවාතැන් වෙන් කිරීම (අවස්ථා 3 යි) 2. එකම දිනක එකම හෝටලයකට වඩා බිල්පත් ඉදිරිපත් කිරීම (අවස්ථා 3 යි) 3. සුරාබදු නීතිය උල්ලංඝනය කිරීම (අවස්ථා 3 යි) 4. අදාළ නොමැති වියදම් නිල වියදම් ලෙස සැලකීම (අවස්ථා 1යි), 5. අධිපති නිල නිවසට ආසන්න වෙනත් නවාතැන්වල සිටීම (අවස්ථා 1යි) යන කරුණු ඉහත විශ්ළේෂනයට පැහැදිලිව අදාළ විය.
එම අනාවරණය වසරකට ආසන්න කාලයක් කිසිවෙකු විසින් මේ දක්වා ප්‍ර‍තිකේෂ්ප කොට නැත. ඒ අනුව, එම කරුණු සත්‍ය බව පිළිගැනීමට අපට සිදු වේ.
ලංකාවේ නීතිය හා ව්‍යවහාරය:
සම ලිංගිකත්වය ලංකා නීතිය අනුව සිරදඩුවම් ලැබිය හැකි ‘පුද්ගලයින් අතර අශෝභන ක්‍රියා‘ යටතේ ගැනෙන අපරාධමය වරදකි. මෙම නීතිය මෑතකාලයේ ක්‍රියාත්මක වී නැත.
ලෝකය තවදුරටත් සමලිංගිකත්වය අපරාධයක් ලෙස නොසලකන අතර, සමලිංගික විවාහ සදහා ලෝකයේ බොහෝ රටවල නීතියෙන් ද බාධාවක් ද නැත.
ලෝකයේ මෙන්ම ලංකාවේ ද එය දැන් සාමාන්‍ය දෙයකි. 1952 සිට ‘සමලිංගික ප්‍රිය කළ අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් ලංකාවේ සිට ඇත. නීතිය කුමක් වුවත් එය ආගමික ස්ථානයේ සිට රජ ගෙදර දක්වා ‘ප්‍ර‍සිද්ධ රහස්‘ ය.
ගුද සංසර්ගය පිරිසකට තවත් එක් තවත් එක් ‘ලිංගික ඉරියව්වක්‘ නමුත්, එය අඹුසැමි සබදතා විනාශ කිරීමට, පවුල් කඩාකප්පල්වීමට බලපානු ලබන එක් කරුණකි.
විවාහක පුරුෂයන් සිය බිරිද බලහත්කාරයෙන් ‘ගුද සංසර්ගය‘ සදහා යොදා ගැනීම සියදිවි නසා ගැනීම්, ගෘහස්ත ආරවුල්, ගෘහස්ත හිංසනය, දික්කසාදය සදහා ද හේතුවකි.
වංචාවේ පාඩුව කෝටි 11,000 ට වැඩියි :
යහපාලන රජය බලයට පත් වී දින ගණනාවකින් සිදු වූ පළමු බැදුම්කර වංචාවේ පාඩුව කෝටි 11,000 ට වැඩිය. අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි එය ගඩොල් පෝරණු 5 කට වඩා විශාල නෝට්ටු ප්‍ර‍මාණයකි.
බැදුම්කර වංචාව, හොරකම නීතිය පිටින් සිදු වූ ‘ජනතාව සහ ඔවුන් පත්කර ගත් පාලකයින් අතර කැමැත්තෙන් සිදු වූ ‘ගුද සංසර්ගයක්‘ නොවේ. බලහත්කාරයෙන් සිදු කරන, පීඩාකාරී ‘ගුද සංසර්ගය‘ කි.
එහි පීඩාව ‘කසාද බිරිදට‘ නොව කෝටි 2 ක ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ, ළමා, ළදරු, අතදරු, ගොලු, බිහිරි, අබ්බගාත සියල්ලට බලහත්කාරයෙන් සිදු කළ විනාශකාරී පහත් ක්‍රියාවකි. ‘ලිහිසි ආලේපන – කොන්ඩම්‘ නොමැති මාරාන්තික ලෙඩ රෝග ඇති කරන වැඩකි. පොළී අනුපාත ඉහළ යවමින්,එය රටේ ආර්ථිකය විනාශ කොට ඇත!
රවී ‘බිලිබෝයි‘ කොට 31 ක් සැගවෙන්නට දරන උත්සහය :
රවී කරුණානායක ‘බිලිබෝයි‘ කොට එහි සැබෑ ප්‍ර‍තිලාභීන් 31 ක්, ඔව් 31 ක්, සැගවෙන්නට උත්සහ දරණ බව බැදුම්කරය ගැන දින 1033 ක් මා විසින් ලබා ඇති අවබෝධය යි. නමුත් බැදුම්කරේ ‘මහ මොළය‘ රවී නොවේ!
ජනාධිපතිවරයා බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ නොකරන තාක් සිදුවන්නේ බැදුම්කරයේ මහ මොළය, ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ හා මෙහෙයුම්කරුවන්ට ආවරණය ලැබීමය.
එබැවින්, 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත නිසා බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කළ නොහැකි බව තර්ක කිරීම ‘මහජන සුබසෙත‘ නොතකා හැරීමකි.
එබැවින් ‘පුද්ගලයින් අතර අශෝභන ක්‍රියා‘ වගන්තියෙන් ආවරණය වන කොටස ඉවත් කර හෝ බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේවන ඉල්ලීම් අනුව නිදහස් කිරීම, පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ජනාධිපති ලේකම්වරයා විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය!
යහපාලනය දුෂණය කිරීමක් !
එසේ නොවන්නේ නම්, බැදුම්කරයට නම් කියවී ඇති තම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ගැන ජනාධිපතිවරයා ‘සෑහීමකට පත්වන්නේ ද යන්න‘ ඔහු විසින් රටට ප්‍ර‍කාශ කළ යුතුව ඇත.
ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළේ ‘‘බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීම‘‘ සදහා මිස මහ බැංකු අධිපතිගේ පැම්පස්, හෝටල් කාමර වියදම් ගැන සෙවීමට නොවේ.
යල්පැනගිය නීතියක් වන ‘පුද්ගලයින් අතර අශෝභන ක්‍රියා සිදුවූයේද?‘ යන්න දැන ගැනීමට ද නොවේ. බැදුම්කර වංචාව ගැන සොයන්නට මිස රවී ට කළ අයුරින් නිවාස කුළිය ඉදිරියට දමා සැබෑ වංචනිකයින්ට සැගවී යන්නට ද නොවේ.
බැදුම්කර වාර්තාව තවදුරටත් සගවාගෙන සිටීම ජනපති විසින් තම අගමැති හා කැබිනට් සගයින් රැකීමට සිදුකරන ‘අශෝභන ක්‍රියාවකි.
‘ එය නම් තවත් ලිංගික ඉරියව්වක් නොව යහපාලනය දුෂණය කිරීමකි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

කිරි පිටි මිල ඉහලට..

Shiran Viraj

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයි

Shiran Viraj