28.3 C
Colombo
2026-08-12
mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයන් අද (30) වෘත්තීය සමිති අරගලයක නිරත වනවා.
එහිදී ඔවුන් පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී එම ක්‍රියාමාර්ග ගනු ඇති.
ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ මෙම කාලය තුළ කාර්යාල කටයුතු, පාරිභෝගික සේවා කටයුතු සහ නඩත්තු කටයුතු බැඳවැටෙනු ඇති බවයි. ජනතාවගේ අවශ්‍යතාව සළකා පොම්පාගාර කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද සඳහන් කළා. ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම පාලකයින් විසින් ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් මෙම වෘත්තිය සමිති අරගලය සිදු කරන්නේ මෙම වසරේ සිට තමන්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය නියමිත පරිදි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Shiran Viraj

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj
Translate »