28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ, විශේෂ ආරක්ෂක දිසාවේ සිට මධ්‍යම හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
වයඹ හා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම මධ්‍යම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජගත් අබේසිරිගුණවර්ධන, වයඹ හා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබෙනවා.
ස්ථාන මාරුවීම් ලද අනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ඩබ්ලිව්. එෆ්. යූ. ප‍්‍රනාන්දුයි. දකුණ, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම ඌව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, දකුණ හා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර – ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්

Shiran Viraj

රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…

Shiran Viraj

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj
Translate »