31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු  වීම විශේෂත්වයකි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු බැහැදැකීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයි

Shiran Viraj

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Shiran Viraj

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj
Translate »