31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

දවසින් දවස දියුණු වෙන තාක්ෂනයත් එක්ක අපිට අලුත් විදියේ අත්දැකීම් විඳගන්න අවස්ථාව ලැබෙනවා. ඉස්සර තමන්ගෙ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න සිදු වුනත් අද වෙද්දි ලෝකේ ඕනම කෙනෙක් එක්ක සැනකින් සම්බන්ධ වෙන්න පුළුවන් තාක්ෂණය අපිට ලැබිලා තියෙනවා.
ඉස්සර ලියුමක් යවලා අදහස් හුවමාරු කරගනිපු අයට තිබුන ලොකුම බලාපොරොත්තුව තමයි තමන් අදහස් හුවමාරු කරගන්න කෙනාගෙ කටහඬත් අහන්න තිබුනනම් හොඳයි කියන එක. ඒ බලාපොරොත්තුව දුරකතනයේ ආක්‍රමණයත් එක්ක ඉෂ්ඨ වුනා. ඊට පස්සෙ ගොඩක් දෙනාගෙ බලාපොරොත්තුව වුනේ කතා කරන ගෙනාගෙ  රූපයත් බලාගෙන කතාකරන්න තිබුනනම් හොඳයි කියලා. කොහොම වුනත් Skype,Viber,Facebook වැනි සමාජ මාධ්‍යන්හි දියුණුවත් එක්ක ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වුනා.
දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කතා කරන කෙනා ලඟ ඉන්නවා වගේ දැනෙන්න කතා කරන්න පුළුවන් වුනානම් කොච්චර හොඳයිද කියලා. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන එකනම් වැඩි ඈතක නෙමෙයි. මොකද  ලෝකේ ඕනම තැනක ඉඳන් ළඟ ඉන්නවා වගේ ‘ ෆෝන් එකෙන්‘ හාදු දෙන්න හැකියාව තියෙන විශ්මිත උපකරණයක් නිෂ්පාදනය කරලා තියෙනවා.
එමා යැන් සැන් කියන ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන ශිෂ්‍යාවක් විසින් තමයි මේ විදියට ජංගම දුරකතනය හරහා හාදු දෙන්න පුළුවන්  ‘Kissenger’ කියන උපකරණය නිර්මාණය කරලා තියෙන්නෙ.තවම මෙය පරීක්ෂණ මට්ටමේ තිබුණද  ‘Kissenger’ උපකරණය ඉතා ඉක්මනින්ම වෙළඳ පොළට නිකුත් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙහිදී  ‘Kissenger’ උපකරණය තමන්ගේ  ජංගම දුරකතනයකට සවි කර ඒ මත දෙතොල් තබමින් හාදු දෙන්න හැකියාව තිබෙනවා.දුර ඉඳන් ආදරය කරන හැමෝටම බොහොම වැදගත් උපකරණයක් විදියට ‘Kissenger’ පෙන්වා දෙන්න පුළුවන් වුනත් දැනට මෙය අයිෆෝන් සඳහා පමණක් භාවිතා කරන්න පුළුවන් කියලා තමයි ආරංචි වෙන්නෙ.
මීට පෙරද මෙම තාක්ෂණය අත්හදා බලා තිබුණද එය එතරම් සාර්ථක වී නොතිබුනා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

අධිකරණය මග හැර සිටි චුදිතයෙකු අත්අඩංගුවට

Shiran Viraj

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »