28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

රුව හා ශරීර සෞඛ්‍ය රැකදෙන කෝමාරිකා

කෝමාරිකා කියන්නේ රූපය මෙන්ම සෞඛ්‍යයත් රැකගැනීමට උදව් වන ශාකයක්. කාන්තාවන්ගේ රෝග සඳහා කෝමාරිකා දිව ඔසුවක් වන බවද දැක්වෙනවා. ඒ නිසාම කුමාරි, ගෘහ කන්‍යා, ඍතු කුමාරි, කුමාරිකා යන ආදී නම් වලින්ද හඳුන්වනවා.
මෙය කටු සහිත දික් හැඩයෙන් යුත් ශාකයක් වනවා. ලිලියාසේ නම් කුලයට අයිති මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇලෝ ඉන්ඩිකා යි. ඒ වගේම  මෙම ශාකය බහුල වැඩෙන්නේ ඇමරිකාව,  අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව යන ආදී රටවලයි.
කෝමාරිකා වල ඇති රූපලාවන්‍ය සත්කාර
කෝමාරිකා කියන්නේ අපේ කාන්තාවන්ට නම් බොහොම වටිනා ශාකයක්. ඒ නිසාමදෝ බොහෝ නිවෙස් වල කෝමාරිකා ශාකයක් තිබෙනවා දකින්නට පුළුවන්. මෙම කෝමාරිකා කාන්තාවන්ගේ රුව රැක ගැනීමට විවිධ ආකාරයෙන් උදවු වනවා.
හිරුඑළියෙන් පිලිස්සුණු සමට විසදුම්
කෝමාරිකා තුළින් හිරු එළියෙන් පිළිස්සුණු සමට ප්‍රතිකාර කරනවා. කෝමාරිකා යුෂ සම මත ගැල්වීම තුළින් හිරු එළියෙන් ආරක්ෂා වීමට උවමනා කරන වැස්මක් වැනි දෙයක් ලැබෙනවා. කෝමාරිකා යුෂ වලින් සම තුළට විකිරණ ඇතුල් වීම වළක්වනවා, එමගින් සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියාකරනවා.
තෙතමනය පවත්වා ගැනීමට
කෝමාරිකා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ සමේ තෙතමනය ලබා දීමට උදව් කරන නිසා යි. සමේ වියළි භාවය තුරන් කරමින් අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට කෝමාරිකා වල යුෂ වැදගත් වනවා.
අසාදන, සිරීම් හා කැළැල් සඳහා කෝමාරිකා
කෝමාරිකා වල ඇති සිසිලස හේතුවෙන් සමේ ඇති වන අසාදන: දැවිල්ල, බිබිලි  හා කැසිලි වැනි දේවල් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම කෝමාරිකා වලට ආවරණ පටල නැතිනම් EPITHELIUM වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා. එම නිසා එහි  ඇති හැකියාව  නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දීමට හැකි වනවා. එමෙන්ම කැළැල් ද නැති කිරීමේ හැකියාව කෝමාරිකා වලට තිබෙනවා.
හිස්හොරි අවම කිරීමට
කෝමාරිකා වලට හිස්හොරි නැති කිරීමේ හැකියාවද පවතිනවා. ඒ කෝමාරිකා යුෂ ෂැම්පු එකක් ලෙස භාවිතා කරමිනුයි. එමෙන්ම හිසේ ඇති වන තුවාල සුවපත් කිරීමටද හැකි වනවා.
උළුහාල් තම්බා ගෙන එයට කෝමාරිකා මදයෙන් ස්වල්පයක් එක් කරමින්, සෙවල සහිත ද්‍රාවණයක් සාදා ගැනීමට හැකියාව තිබෙනවා. මෙය නෑමට පෙරාතුව හිසේ ගල්වීම තුළින් හිස්හොරි වලට ප්‍රතිකාරයක් වනවා වගේම, හිසේ තියන තුවාල වල සුවයටත් හැකියාව ලැබෙනවා.
විටමින් E සත්කාරය හේතුවෙන් හිසකෙස් වල වර්ධනයටත් උපකාරී වනවා. හිස්කබලේ ph අගය හොඳින් පවත්වා ගැනීමට කෝමාරිකා උදව් වන අතරම, හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට උපකාරී කරමින් හිසකෙස් වර්ධනය කිරීමක්ද සිදු කරනවා.
සම වයසට යාම අවම කිරීම
කෝමාරිකා වල ඇන්ටි – ඔක්සිඩන්ට් , විටමින් C හා E තිබෙනවා. එම නිසා සමේ පැහැය වර්ධනය වනවා සේම සම වයසට යෑමද අවම කරනවා.
කෝමාරිකා යුෂ පානය කිරීමට පුරුදු වීම තුළින් අත්වන ප්‍රතිලාභ
ඔබ කෝමාරිකා යුෂ පානය කර අයෙක්ද? එසේ නැතිනම්  ඔබ කෝමාරිකා යුෂ පානය ගැන අසා තිබෙනවද? කෝමාරිකා රුවට පමණක් නම් සීමා වන දෙයක් නොවෙයි. කෝමාරිකා යුෂ පානය කිරීම තුළින්ද දැන් ඔබට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට පුළුවන්. විටමින් A, C, D හා  E  මෙන්ම folic හා  niacin  අම්ලද , කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛනිජ ද අඩංගු වන මෙම යුෂ දිනපතා පානය කිරීම මගින් පහත ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා.
ගැස්ට්‍රයිටීස් සඳහා ඔසුවක් වන කෝමාරිකා
හන්දිපත් වේදනාව සමනය කිරීමට
දන්ත සෞඛ්‍යයට
තරුණ පෙනුම රැක ගැනීමට
ප්‍රතිශක්තිය වර්ධනයට
ජීර්ණය ක්‍රමවත් කිරීමට
කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට
දැන් ඔබේ සෞඛ්‍ය ගැටළු රැසකට විසදුම්
මීට අමතරව රෝග රැසකටම ඔසුවක් ලෙස කෝමාරිකා භාවිතා කරනවා. ඒ අතර,
අක්ෂි රෝග
පෝෂණ ඌණතා රෝග
අන්ත්‍රගත තුවාල
ගුදය මගින් රක්තවහනයට
අර්ශස් වලට
චර්ම පිළිකා
ලේ පිළිකා
ආර්තව හරණය නිසා ඇතිවන රෝග
සුවනොවන තුවාල සුවකිරීමට
දියවැඩියාව
උන්මාද රෝග යන අඩිය සඳහා භාවිතා කරනවා.
පිළිකා රෝග නිවාරණය සිදු කරන්නේ කෙසේද?
කෝමාරිකා තුළ ඇති පොලිසැකරයිඩ සහ අල්කොලොයිඩි වලට ශරීරය තුළ වෙනස්වු DNA අණු මුල් ස්වරූපයට ගෙන ඒමේ හැකියාව තිබෙනවා. එම නිසා වෙනස් වූ සෛල මුලින් තිබු තත්වයට පත් වෙනවා. එමෙන්ම කෝමාරිකා වල අධික ප්‍රතිශක්තියක් ඇති කර දීමේ නිපුණතාවයක් තිබෙනවා. ඒ නිසා නිතර වැළදෙන රෝග වලින් ශරීරය ආරක්ෂා කර දීමට හැකියාව තිබෙනවා. ඒ හේතුවෙන් පිළිකා සෛල ඇති කළ හැකි වෛරස් වර්ග විනාශ කරනවා. අවසාන ප්‍රතිඵලය ලෙස මෙමගින් පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරනවා.
අම්ල පිත්ත රෝගය නිවාරණය සිදු කරන්නේ කෙසේද?
ලංකාවේ අපේ බොහෝ පුද්ගලයන් කෝමාරිකා අම්ල පිත්ත රෝගයට ඔසුවක් ලෙස භාවිතා කරනවා දකින්නට පුළුවන්. මෙහි දී සිදු වන්නේ අමාශයික යුෂ ප්‍රමාණය ඉහළ යාමක්. අමාශය වටා ඇතුළතින් ඇති ආවරණ පටලය ඉදිමීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ආමාශයික තුවාල පවා ඇති වනවා. එවැනි අවස්ථාවක කෝමාරිකා ශාකයේ ජෙලි වැනි කොටස බීමක් ලෙස පානය කිරීමෙන් සුවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
විවිධ නිෂ්පාදන
කෝමාරිකා තුළින් බිහිවූ විවිධ නිෂ්පාදන වර්ග අද වන විට වෙළඳපොළේ දකින්නට පුළුවන්. ඒ අතර ෂැම්පු වර්ග, ක්‍රීම් වර්ග, ඖෂධ, පවුඩර්, තෙල් වර්ග, බාම් වර්ග මෙන්ම විවිධ පානයන්ද වෙළඳපොළේ තිබෙනවා. ස්වභාවික ගුණය ඉහළ වීමත්, අතුරු අාබාධ අවම නිසාත් භාවිතයේ ඉහළ අගයක් තිබෙනවා.
මේ ආකාරයට සලකා බැලූ විට පෙනී යන්නේ කෝමාරිකා රුවට පමණක් නොවේ රෝග රැසකට සුවය ලබා දෙන දිව්‍ය ඔසුවක් බවයි.
courtesy : roar.media

Related posts

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

Shiran Viraj

අද මිලිමීටර 100 ඉක්මවු වැසි

Shiran Viraj

ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමා

Shiran Viraj