25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

යාපනයේ තිරුනෙයිවේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අක්ෂි රෝහලක කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් අද (13) දින සිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
යාපනයේ තිරුනෙයිවේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අක්ෂි රෝහලකින් ඇස්වලට විවිධ අන්දමේ ශල්‍යකර්ම සිදුකල පිරිසකගේ ඇස් යථා තත්ත්වයට පත් නොවීම සම්බන්ධයෙන් මෙම අක්ෂි රෝහලෙන් අක්ෂි රෝග සඳහා සැත්කම් ලබාගත් විශාල පිරිසකට ඇස් පෙනීමේ දුර්වලතාවය තවදුරටත් වැඩි වූ බවට සෞඛ්‍ය අමාත්‍යංශයට කරණ ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කොට තිබේ.
කොළඹ සිට පැමිණෙන අක්ෂි රෝග විශේෂඥවරුන් පිරිසක් විසින්  මෙම පෞද්ගලික  රෝහලේදී සැත්කම් සිදු කරන බවට කළ දැනුම්දීමකට අනුව අක්ෂි රෝගීන් විශාල පිරිසක් රුපියල් දහස් ගණනින් මුදල් ගෙවා එම රෝහලෙන් විවිධ අන්දමේ සැත්කම් කරගෙන තිබේ.
මෙසේ සැත්කම් කරගත් අක්ෂි රෝගීන්ගෙන් 17 දෙනෙකුම පැමිණිලි කොට ඇත්තේ තමන්ට සැත්කම්වලට පෙර තිබූ තත්ත්වයේ ඇස් පෙනීම හෝ දැන් නොමැති බවයි.
මේ පිළිබදව යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ට  මුලින්ම පැමිණිලි කල අවස්ථාවේදී එම නිලධාරීන් පවසා ඇත්තේ ඉතාම නවීන යන්ත්‍ර සූත්‍ර වලින් හා දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත පිරිසක් යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ සිටියදී පෞද්ගලික අංශයෙන් එම සේවාව ලබාගත් පිරිසක් වෙනුවෙන් ඔවුන්ට මැදිහත් විය නොහැකි බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරන මෙන් එම නිලධාරීන් කල දැනුම්දීමකට අනුව අක්ෂි රෝග සුව නොවූ පිරිස සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ.
එම පැමිණිලිවලට අනුව පරීක්ෂණයක් පැවැත්වීම පිණිස නිලධාරීන් පිරිසක් කොළඹ සිය යාපනයට පැමිණ තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

Shiran Viraj
Translate »