2026-07-07
mediahumanrights.lk
NewsSportsSports News

පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා.
ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැහැ.
ඒකට හේතුව අවස්ථා කිහිපයකදී ක්‍රිකට් ආයතනයේ වැරදි මාධ්‍ය ඉදිරියේ පෙන්වා දීම.
එම නිසා මාලිංගට තරග නොදෙන්න බලධාරීන් තීරණය කළා.
පාදයේ ආබාධයක් නිසා මාලිංග 2010 දි ටෙස්ට් තරගවලින් ඉවත් වුණා.
දැන් ආයෙමත් මාලිංග මුල්පෙළ ටෙස්ට් තරගවලට ක්‍රීඩා කරන්න තීරණය කර තිබෙනවා.
එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරමින් ටැමිල් යූනියන් කණ්ඩායම එක්ක තිබ්බ තරඟයකට තමයි මාලිංග සහභාගී වී තිබුණා
එහිදී මාලිංග පළවෙනි ඉනිමේදී පන්දු වාර 8 ක් යවා කඩුලු 2 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
එහිදී ලකුණු 24 ක් පමණක් ලබාදුන් මාලිංග එක නිලකුණු ඕවරයක් යවා ඇති අතර දෙවෙනි ඉනිමේදී පන්දුවාර 2 ක් පමණක් යවා තිබෙනවා.
වසර 7 කට පසුව මාලිංග සහභාගී වුණු පළමු ටෙස්ට් තරඟය මෙයයි.
ඔහු පළමුපෙල ටෙස්ට් තරඟ 84 කදී කඩුලු 585 ක් දවාගෙන තිබෙනවා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Shiran Viraj

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj
Translate »