25 C
Colombo
2025-12-10
mediahumanrights.lk
NewsPolitical

ජනතා මුදල් ගසා කාපු අය පන්නලා පිරිසිදු චරිත මන්ත්‍රීවරුන් කරගන්න ජනතාවට අවස්ථාව උදාවෙලා – ඇමති මහින්ද අමරවීර

නාම යෝජනා භාරදුන් සියලු පළාත් පාලන ආයතන වල එකසත් ජනතා නිදහස් සන්ධානයට ඉහල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය මහින්ද අමරවෙර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසිගිය 21 වනදා නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින්.
” මේ වනවිට පිරිසිදු පලාත්පාලන ආයතනයක උවමනාව රටේ ජනතාවට තියෙනවා ඒ වගේම පිරිසිදු රටේ නායකයෙකුගේ උවමනාව රටේ ජනතාවට තියෙනවා එක සම්පුර්ණ කරගන්න පුළුවන් ශ්‍රීලංකා නිදහස්පක්ෂයේ ,එක්සත්ජනතා නිදහස් සන්ධානයේ කියන විශ්වාසය ද ජනතාව තුල තිවී තිබෙන බවද මෙම මැතිවරණය එක්සත්ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් හදා ගන්නා අඩිතාලම වෙන බවද අමාත්‍ය වරයා පවසා සිටියා .”
” ඒවගේම රටේ ජනතාවට අවස්ථාවක් ඇවිත් තියෙනවා තීන්දුවක් ගන්න මොකද ජනතාව කියනවා පළාත් පාලන ආයතන වල ආයතන වල ප්‍රධානින් හොරකම් කළා වංචාකළා. මේවට පියවර ගත්තේ නෑ කියලා එක රජයේ නීති රීතිවල අඩුපාඩුත් වෙන්න පුළුවන් නමුත් දැන් ජනතාවට අවස්ථාවක් ඇවිලා තියෙනවා රටේ ජනතාවගේ මුදල් වංචා කල ,රටේ ජනතාවට බෙදන්න තිබු ඉඩම් ටික අත්පත් කරගත්තු කොන්ත්‍රාත් කර සභාපති වරු පගා ගත්තු සභාපතිවරු මේ ලැයිස්තු වල ඉන්නවා ඒ අයව එළවලා දාල පිරිසිදු චරිතවලට ,පිරිසුදු අපේක්ෂලයින් මන්ත්‍රීවරු බවට පත් කරන්න ජනතාවට අවස්තාව තියෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..

Shiran Viraj

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Shiran Viraj

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

Shiran Viraj
Translate »