mediahumanrights.lk
Local NewsNews

කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්

කිලිනොච්චිය රාමනාදපුරම් හිදී යුද සමයේදී පැවති පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් ඇතුලු තවත් උපකරණ තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පැරණි එල්.ටි.ටි.ඊ කඳවුර සහිත භූමිය එහි මුල් අයිතිකරුවන් වෙතට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ දැනුම්දීමකට අනුව මෙම සීඩි පට සොයාගෙන තිබෙනවා.
ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය පැවසුවා.
මේ අතර ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටද ඒ අතර තිබූ බවට හඳුනාගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනී

Shiran Viraj

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj
Translate »