mediahumanrights.lk
NewsPolitical

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

පළාත් පාලන මැතිවරණය එළඹීමත් සමග බොහො දෙනා අතර අවදානයට ලක්වූ කරුණක් වූයේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය දින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික තලයේ සාමාජිකයන් තිදෙනෙකුම සිය පක්ෂයෙන් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරමින් ශ්‍රීලනිපයට එක්වුණා. මේ අතර ඇතැම් වේදිකාවල කියවුණේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයාද ජනපතිවරයාට සහය පළ කරමින් ශ්‍රිලනිපයට එක්වීමට සුදානම් බවය.
මේ බව කියා සිටියේ සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායකයි. පසුගිය දිනෙක මාධ්‍ය ඇමතු එස්.බී. දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ ” ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා කලකිරීමෙන් පසුවන බවටත් ඔහු සමඟ මේ දිනවල ශ්‍රී ල.නි.පය හා සාකච්ඡා කරමින් පසුවන බවත්” ය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ” ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. පළුවේ පිනට මන්ත්‍රිකම හා ඇමැතිකම් ලද ඇමැති එස්.බී. දිසානායකට අවශ්‍ය වී ඇත්තේ කලකිරීම් නැති නම් කලකිරීම් ඇති කරවා හෝ ඔවුන් වැටී සිටින අසූචි පිරුණු වළට අපවද බස්සවා ගැනීමටයි” යනුවෙනි.
එස්.බී. ඇමැතිවරයාට මෙන්ම සිය පක්ෂයේ සමහරුන්ටද මේ අසූචි වළට තමා බස්සවා ගැනීමට වුවමනා වී ඇති බවද, සිය පක්ෂයේ සමහරුන් ඒ වළට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසා බවද මන්ත්‍රිවරයා පැවසුවේය.
එස්.බී. ලා අප ගැන සිතන්නේද ඒ මට්ටමින් නම් මට කියන්නට ඇත්තේ එස්.බී.ට හොඳටම වැරැදි ඇතැයි කියා යැයිද හෙතෙම පැවැසීය. ඇමැති එස්.බී. ගේ ප්‍රකාශයට වැඩිදුරටත් පිළිතුරු සපයමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙසේද  කීය. “:එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමනවලට එළැඹීමෙන් වළකින්න”.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

සයිටම් වෙනුවෙන් පෙරට යා යුත්තේ දෙමව්පියෝ

Shiran Viraj

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

Shiran Viraj
Translate »