26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

'සූකර අසපුවට' ගොඩවුණු ජෙහාන්

වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිවිධ කලා මාධ්‍යයන් හි ම තම දක්ෂතා විදහා පාන රංගන ශිල්පියෙකු ලෙස ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. ඔහුටම ආවේණික වූ රංගන ශෛලියක් ඔස්සේ කලා ලෝකයෙහි අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට ඔහු මේ වන විට සමත් වී තිබෙනවා. නමුත් මේ දිනවල ජෙහාන් ගැන කියවෙන නවතම ප්‍රවෘත්තිය ඔහුගේ තුන්වැනි වේදිකා නාට්‍ය නිර්මාණයයි. වේදිකා නාට්‍ය නිර්මාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණ සිටින ජෙහාන් ‘සිඳූ’ ටෙලි නාට්‍යයෙන් ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් වී ඇත. ජෙහාන්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය පිළිබඳ ඔහු අපිත් එක්ක කතා කළා.
‘ මගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය තමයි ‘සූකර අසපුව’. එය මේ මස 11 වැනිදා මහල්වරාව ‘බේකරියේ දී’ හවස 7.00ට වේදිකා ගත වෙනවා. පළවෙනිවතාවට තමයි වේදිකා නාට්‍යයක් ‍’බේකරි වලේ දී ‘ රඟ දක්වන්නේ. ‘සූකර අසපුව’ නාට්‍යය ගැන කතා කළොත් මෙය අප්‍රිකානු ජාතික අතෙල් සුගාඩ්ගේ ‘The place with Pigs’ නාට්‍යයේ පරිවර්තනයක්.
මෙය පරිවර්තනය කළේ ඩබ්. එස්. විජේසිංහයි. මේ නාට්‍යය‍ට අනුව මෙහි දක්නට ලැබෙන්නේ චරිත දෙකක් පමණයි. මෙහි එම චරිත නිරූපණය කරන්නේ මමත් ඕෂධී නානායක්කාර රංගන ශිල්පිනියත් පමණයි. මේ නාට්‍යය යෞවන සම්මාන උළෙලේ අවසන්වටය නියෝජනය කළා. මේ නාට්‍යයේ අඩංගු තේමාව ගැන කතා කළොත් එය සර්ව සමාජයටම පොදු සර්වකාලීන තේමාවකින් යුතු වෙනවා.
යුද්ධයට ගිය සොල්දාදුවෙක් යුද්ධ කරන්නේ ඇයි කියලා හමුදාවෙන් පැනලා එනවා. හමුදාවට බයේ මොහු හැංගෙන්නේ අපූරු තැනක. මේ සොල්දාදුවත් ඔහුගේ බිරියත් හමුදාවෙන් ගැලවෙන්න යොදන විවිධ උපක්‍රම ඇතුළත් ලස්සන කතාවක් මෙහි අන්තර් ගත වෙනවා. මේ නාට්‍ය නරඹන්න එන්න කියලා ප්‍රේක්ෂකයින්ට මම පවසනවා.’

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Shiran Viraj

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකි

Shiran Viraj

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

Shiran Viraj
Translate »