mediahumanrights.lk
Local NewsNews

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දිනයක්

මේ වසරේ අධ්‍යාපන  පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පාසල් සිසුන්ට ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25දා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇතැයි පුද්ගලයන් ලියපදිංචි කිරීමේ ‍දෙපාර්තමේන්තුව පවසයි.
එදිනට පාසල් අයදුම්කරුවන් පැමිණිම අනිවාර්ය නොවන අතර එම දරුවන්ගේ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයකු එම ඥාතීත්වය තහවුරු කරමින්  ග‍්‍රාම නිලධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමු කර ඇති පාසල් ඉල්ලුම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර මේ වනවිට තැපැල්  කරමින් පවතින බවද  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

(under the courtesy of news.lk news web)

Related posts

තවත් 633කට කොරෝනා..

Shiran Viraj

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Shiran Viraj

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Shiran Viraj
Translate »