mediahumanrights.lk
NewsPolitical

සුළු සිද්ධියක් කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම කණගාටුවට කරුණක් – ස්වදේශ කටයුතු ඇමැති

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ මෙම ගැටම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු වගකීම තමන් විසින් භාරාගෙන කටයුතු කරන බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (17) රාත්‍රියේ ම අවට සියලු ම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවූ බව අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන් ම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය යොදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර තීරණය කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
සුළු සිද්ධියක් ජාතිවාදී කලබලයක් දක්වා වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි අපෙක්ෂා කරන සීමිත කොටසක් දැඩි උත්සාහයක නිරත වී සිටින බැවින් ඔවුන්ගේ උසි ගැන්වීම්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
ගැටුමකට මැදි වීමෙන් තම ජීවිතයත්, දරුවන්, බිරිඳ, ඥාතීන් අනතුරට ලක්විය හැකි බවත් සියළු දේපල මොහොතකින් විනාශ වී යා හැකි බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අවස්ථාවක ආරක්ෂා සහිතව තම නිවසටම වී සිටීම වඩාත් සුදුසු බවයි.
කෝලාහලවලට සම්බන්ධවන සියළු දෙනා කිසිදු බේදයක් නොතකා අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පොලිසියට උපදෙස් දී තිබේ. එමෙන් ම ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට ද රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

(under the courtesy of news.lk news web)

Related posts

ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයි

Shiran Viraj

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj
Translate »