28.7 C
Colombo
2026-10-29
mediahumanrights.lk
NewsPolitical

රාජ්‍ය ආයතන ඇගැයීමේ උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අද

රාජ්‍ය මුදල් වංචා දූෂණයෙන් තොරව නිසි කළමනාකරණයෙහි යෙදූ රාජ්‍ය ආයතන ඇගයීමේ උළෙලක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය.
ගිණූම් කාරක සභාවේ සිවුවැනි වාර්තාව එළි දැක්වීම මෙම උත්සවයට සමගාමිව සිදුකිරීමට නියමිත වේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831 කම තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ආයතන ඇගැයිමේ උළෙල ගිණුම් කාරක සභාව විසින් පවත්වන බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. මීට ඉහතදී රජයේ ගිණුම් කාරක සභාව රජයේ ආයතන සියල්ල කාරක සභාව වෙත කැඳවීමට ප්‍රායෝගිකව කළ නොහැකි වූ බවත් සිදු කර ඇත්තේ පශ්චාත් මරණ පරික්ෂණ බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකිර්ණයේදි පෙරේදා (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද මෙම ආයතන 831 රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් 2015 වසර සඳහා අමාත්‍යාංශ 50 ක, දෙපාර්තමේන්තු 91 ක, විශේෂ වියදම් ඒකක 18 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක, පළාත් සභා අමාත්‍යාංශ 45 ක, පළාත් සභා විශේෂිත වියදම් ඒකක සහ දෙපාර්තමේන්තු 213 ක, පළාත් සභා අධිකාරි 45 ක, මහ නගර සභා 23 ක, නගර සභා 41 ක සහ ප්‍රාදේශිය සභා 271 ක වශයෙන් ආයතන 831 ක ගිණුම් කටයුතු විමර්ශනයට ලක් කර ඇත.
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනයට ලක් කරන සියලූම ආයතන මේ වන විට පරිගණක ජාලගත කර ඇති අතර විගණකාධිපතිවරයා ඇතුළු විගණන දෙපාර්තමේන්තුවේ දායකත්වය යටතේ එම ආයතන විමර්ශනය කරනා බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැදවන ආයතන පිළිබඳව එම දිනයේදිම පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන බැවින් එම ආයතනයන් ගැන ජනාතවට පැමිණිලි කිරිමට අවශ්‍ය නම් ඊමේල් මගින් ඒ පිළිබඳව රජයේ ගිණුම් කාරක සභාව දැනුම්වත් කළ හැකි බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයි

Shiran Viraj

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් 35ක්

Shiran Viraj

අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක

Shiran Viraj
Translate »