28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා මේ මස 21 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ සැකකරුවන් අද (15) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.
ගාමිණි සෙනරත් සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන්වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන දෙදෙනා ද එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ගාමිණී සෙනරත් සහ නීල් හපුහින්න යන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අද අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදු කළ අතර දෙවන සැකකරුවන පියදාස කුඩාබාලගේ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම අද පස්වරුවේ සිදු කරන බවයි නීතිඥයන් කියා සිටියේ ය.
ඒ අනුව මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් තීන්දුව මේ මස 21 වැනි දා ලබාදෙන බව ද මහෙස්ත්‍රාත්වරිය කියා සිටියා ය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු රුපියල් බිලියන 185ක මුදලින් රුපියල් බිලියන 04ක් නීති විරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහණය කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj
Translate »