mediahumanrights.lk
NewsPolitical

එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණු

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ජාතික හෙළ උරුමයට නාමයෝජනා ලබා දීමේදී අසාධාරණයක් සිදු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජාතික හෙළ උරුමයේ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමට එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවේ නාමයෝජනා ලබාදීමට තීරණය කොට ඇත්තේ අට දෙනකුට පමණි.
මේ අනුව බෞද්ධ පදනමක් ඇති කළුතර දිස්ත්‍රික්කයේ චම්පික රණවක මහතාට විශාල අසාධාරණකමක් සිදුවී ඇති බැවින් හෙළ උරුමයේ පක්ෂ සාමාජිකයන්ගෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල ප්‍රතිරෝධයක් එල්ල කිරීමට මේ වන විට සුදානමක් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් හට කළුතර දිස්ත්‍රික්කයේ 14 දෙනෙකුහට නාම යෝජනා දීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කොට ඇත. එයද චම්පික රණවක අමාත්‍යවරයාට දැඩි බලපෑමක් ඇතිකරන සිද්ධියක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් එය වෙනස් කිරිමට එක්සත් ජාතික පෙරමුණ කැමැත්තක් නොදක්වන බව ආරංචි මාර්ග සදහන් කරයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Shiran Viraj

CIDය ඇමතිනී විජයකලාගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි!

Shiran Viraj

පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්

Shiran Viraj
Translate »